දියමන්ති රජතුමා | Nizam of Hyderabad

Nizam of Hyderabad කියන්නෙ තනතුරු නාමයක්. Princely States එහෙමත් නැත්නම් කුමාරවර රාජධානි කියල කියන්නෙ ඉංග්‍රීසි පාලන කාලය තුළ ඉන්දියාවෙ තිබ්බ රාජධානි විශේෂයක්. ඉංග්‍රීසි පාලන සමයෙ ඉන්දියාව පුරාම මේ වගේ කුමාරවර රාජධානි 565 ක් තිබ්බ.

හයිද්‍රාබාද් කියන්නෙ විශාල වගේම ස්වභාවික සම්පත් අතිනුත් ඉතාම පොහොසත් එකක්.

හයිද්‍රාබාද් ප්‍රාන්තය

ක්‍රි.ව 1713 - 1721 අතර කාලෙ මූගල් පාලකය වෙච්ච ඖරංෂෙබ් යටතෙ ඩෙකෑන් ප්‍රදේශයේ බලය තහවුරු කරගෙන හිටපු " මීර් ඛමාර් උද්දීන් සිද්දික්ගෙ " කාලෙන් කතාව පටන් ගමු.

ඖරංෂෙබ්ගෙ බලය පිරිහීමත් සමග හයිද්‍රාබාද්වල ස්වාධීන පාලන ඒකකයක් ස්ථාපිත කරගැනීම තමයි මීර් ඛමාර්ගෙ බලාපොරොත්තුව උනේ..ඒත් ඒකට තිබ්බ ලොකුම බාධාව තමයි සමකාලීන ඉන්දියාව තුළ මුස්ලිම්වරුන්ට එරෙහිව අනවරත අරගලයක් කරපු මරාථයො.
කාලයක් තිස්සෙ මරාථයො එක්ක හැප්පි හැප්පි ඉන්නකොට තමයි ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම වැඩේට මැදිහත් වෙන්නෙ. ඒ අනුව 1805දී හයිද්‍රාබාද් ප්‍රදේශය කුමාරවර රාජධානියක් බවට පත් වෙනව. කුමාරවර රාජධානියක් ( Princely State ) කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කරල දෙන්න මම වෙනත් ලිපියක් ලියන්නම්.
හයිද්‍රාබාද් කියන්නෙ දියමන්තිවලට ප්‍රසිද්ධ ප්‍රදේශයක්. ඒ නිසා සහ වෙනත් විවිධ ආදායම් මාර්ග හේතුවෙන් හයිද්‍රාබාද්වල හිටපු නිසාම්වරු හෙවත් පාලකයො ප්‍රකෝටිපතියො බවට පත් උනා.
ක්‍රි.ව 1911 සිට 1948 දක්වා තනතුර දරපු "මීර් උස්මාන් අලී ඛාන් සිද්දික්" ක්‍රි.ව 1937 දි ටයිම් සඟරාව මඟින් ලොව ධනවත්ම පුද්ගලය හැටියට නම් කරනු ලැබුව. ඒ කාලෙ හැටියට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක වත්කමක් තිබ්බලු..! ෆෝබ්ස් සඟරාව මඟින් දක්වන හැටියට ඒ මුදල වර්තමාන අගයක් හැටියට ගත්තොත් ඇමරිකානු ඩොලර් බිලියන 210.8 ක්. එදා මෙදා තුර ලෝක ඉතිහාසයේ හිටපු ධනවත්ම මිනිස්සුන්ගෙ ලැයිස්තුවෙ උස්මාන් අලී ඛාන්ට හිමිවෙන්නෙ පස්වෙනි ස්ථානය.
ඔලිම්පික් පිහිනුම් තටාකයක් පුරවන්න තරම් ආභරණ තිබ්බලු....! පහල පින්තූරෙ තියෙන්නෙ උස්මාන් අලී ඛාන් විසින් එලිසබත් මහ රැජිණට තෑගි දීපු Nizam of Hyderabad නමින් හඳුන්වන මාලය. කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය වෙන කේට් කුමරියත් හිටපු ගමං ඒක දාගෙන යනව දකිනව. විලියම් කොල්ල කොච්චරවත් කිරි අම්මගෙං මාල මුදු ඉල්ලන්ඩ කඩේ යනව ඇති....! කසාද බැන්දට පස්සෙ කාටත් එහෙම වෙනව.


ආයෙත් කතාවට,
ඉන්දියාවට නිදහස ලැබෙනකොට හයිද්‍රාබාද්වල ස්වාධීන පාලන ඒකකයක් ස්ථාපිත කරගන්න මීර් උස්මාන්ට උවමනා උනාට ඒ වැඩේ හරි ගියෙ නෑ. මිනිහ 1967 දි මැරුණ. මේ පින්තූරෙ ඉන්නෙ මීර් උස්මාන් ඛාන්.



එයාගෙ මුණුබුරෙක් ලන්ඩන්වල ජීවත් වෙනව. "අස්මත් ජා" තමයි නම. එයා සිනමාවේදය පිලිබඳ උපාධිධරයෙක්. ස්ටීවන් ස්පීල්බර්ග් සහ රිචඩ් ඇටෙන්බරෝ වගේ සිනමා දැවැන්තයො එක්ක වැඩ කරන කෙනෙක්. මේ අන්තිමට තියන පින්තුරෙ ඉන්නෙ එයා තමයි.



Comments