Skip to main content

Posts

Featured

තට්ටු ගෙවල් සහ නීතිය

X නමැති පුද්ගලයාට ඉඩමක් තියනව. X ඒ ඉඩමේ තට්ටු පහක බිල්ඩිමක් ගහනව. හැම තට්ටුවකටම වෙන වෙනම ලයිට් බිල්, වතුර බිල් හදා ගන්නව. දැං මේ හැම තට්ටුවක්ම වෙන වෙනම ඒකක නිසා තට්ටු පහට වෙන වෙනම ඔප්පු ලියන්න උනත් පුලුවන් කියල තමයි X හිතාගෙන ඉන්නෙ. සාමාන්‍ය නීතියෙ නම් එහෙම එකක් නෑ. සෑම සාමාන්‍ය ඔප්පුවකම " ..විශාල බිම් කොටස සහ ඊට අයත් ගහකොළ, පළතුරු, ගොඩනැගිලි ඇතුලු සෑම සියලු දේත් ඇතුළත්ව " කියල තමයි සඳහන් වෙන්නෙ. ඒ කියන්නෙ මොකක්ද..? භූමිය අයිති පුද්ගලයට සෑම සියලු දෙයක්ම අයිතියි. හැබැයි ලෝකෙ දියුණු වෙනකොට නීතියත් දියුණු වෙනව. අන්න ඒ නිසා තට්ටු නිවාස සහ ඒ හා සමාන වෙනත් ගොඩනැගිලි ලියාපදිංචි කරන්න වෙනම ක්‍රමයක් තියනව. ඒ කාර්යය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය නම් වෙනම ආයතනයක් සංස්ථාපනය කරල තියනව. එක් පුද්ගලයෙකුගේ වහල තවත් පුද්ලයෙකුගේ පොළොව බවට පත්වෙන මෙම ක්‍රියාවලිය හරිම රසවත්. නමුත් තරමක් සංකීර්ණයි.

Latest Posts

දුක තමයි රංජනී

අවිධිමත් ණය ගනුදෙනු

පිරිසිදු ඔප්පුව

දික්කසාදය

අන්තිම කැමති පත්‍රයක් රහිත දේපළ උරුමය

ලීසිං සහිත වාහනයක් මිළදී ගැනීම

විකිණීමට එකඟ වීමේ ගිවිසුම ( Agreement to Sell )

යතුරු පැදිවල එන්ජින් ධාරිතාවය සහ ලංකාවේ නීතිය

ප්‍රකාශන ඔප්පුව ( Deed of Declaration ) යනු කුමක්ද..?

ඇටෝර්නි බලපත්‍රය ( Power of Attorney ) යනු කුමක්ද..?