ප්‍රකාශන ඔප්පුව ( Deed of Declaration ) යනු කුමක්ද..?
තමන්ගෙ අයිතිය තමන් විසින්ම ප්‍රකාශ කරනු ලබන ඔප්පුවක් ප්‍රකාශන ඔප්පුවක් වශයෙන් සරලව හඳුන්වා දෙන්න හැකියාව තියනව.
ප්‍රකාශන ඔප්පු ගැන විවිධ අදහස් තියනව. සමහරු ප්‍රකාශන ඔප්පුවලට කැමතියි. තවත් සමහරු කැමති නෑ.එහෙම විවිධ මත නිර්මාණය වෙන්න හේතු තියනව.
යහපත් සහ අයහපත් ( මේ වචන දෙක අර්ථ නිරූපණය කරන්නෙ කොහොමද කියල අහන්න එපා ) උදාහරණ දෙකක් කියන්නම්..
- අයහපත් උදාහරණය
කිසියම් ඉඩමක් තියනව..අයිතිකාරයෙක් නෑ..රජය මේ ඉඩමට අයිතිවාසිකම් කියන බවක් පේන්නෙත් නෑ..ඒ කියන්නෙ මේක වෙන කාගෙ හරි ඉඩමක්..නමුත් දැං කිසිම අයිතිකාරයෙක් නෑ..ඕනම කෙනෙකුට මේ ඉඩමට ප්‍රකාශන ඔප්පුවක් ලියල තමන්ගෙ අයිතිය ප්‍රකාශ කර ගන්න පුලුවන්..
ඒ ජාතියෙ දෙතුන් දෙනෙක් ඔප්පු ලියාගෙන රණ්ඩු කර ගන්න පටං ගත්තොත් උසාවි යන්න වෙනව..
කිසිම කෙනෙක් රණ්ඩුවට ආවෙ නෑ කියල හිතමු..එතකොට ටික කාලයක් යනකොට අර ප්‍රකාශන ඔප්පුව ලියපු මනුස්සය ඉඩමෙ ස්ථාවර වෙනව ( හැබැයි ඒක එහෙම උනා කියල එයාට කවදාවත් නියම අයිතිවාසිකමක් ලැබෙන්නෙ නෑ..ඉඩමෙ මුල් අයිතිකාරයගෙ ඥාතියෙක් අවුරුදු 500 කට පස්සෙ ආවත් සොරි තමයි..)

කිසිම දවසක අයිතිකාරයෙක් ආවෙ නැත්නම් අර මුල් ප්‍රකාශන ඔප්පුව ලියපු ප්‍රශ්නගත ඉඩමට සැබෑ අයිතිවාසිකමක් නැති මනුස්සයට තමන්ගෙ දරුවෙකුට ඒක තෑගි කරන්න පුලුවන්..ඒ දරුවට ඒක තව කාට හරි විකුණන්න පුලුවන්..
ඔහොම ටික කාලයක් යනකොට අර මුල් අයිතිය කියන එක පසු අයිතිකාරයන්ට අමතක වෙනව..අලුත් අලුත් ඔප්පු ලියවෙනව..නමුත් අර මුල් අයිතිකාරයගෙ උරුමකාරයෙක් ආපු දවසට තමයි ඒ අලුත් ඔප්පු හරහා ඉඩම භුක්ති විඳින අයට දුක් කරදර ලැබෙන්න පටං ගන්නෙ..
නිරවුල් කියල හිතාගෙන සල්ලි දීල ගත්ත ඉඩමක් නිරවුල් නෑ කියල දැනෙන එක එසේ මෙසේ දුකක් නෙවෙයි. ඉඩමක් මිළදී ගන්න කලින් පත්ඉරු වලට අමතරව පැරණි ඔප්පු පවා පරීක්ෂා කරල බලන්න කියල කියන්නෙ ඒකයි..!

- යහපත් උදාහරණය
තමන්ගෙ සීයට අයිති වෙලා තිබ්බ ඉඩමක් තියනව..
දැං සීය මැරිල..තාත්තත් මැරිල..අම්මත් නෑ..සහෝදරයා ඔස්ට්‍රේලියාවෙදි මැරිල..එයාගෙ දරුවන්ට සිංහල බෑ..ලංකාව දිහා හැරිලවත් බලන්නෙත් නෑ..ලංකාවෙ හිටපු අනිත් සහෝදරයට මේ ඉඩම ලියා ගන්න ක්‍රමයක් නෑ..
ඉතිං එයා ප්‍රකාශන ඔප්පුවක් ලියනව ( හරි අයිතියක් ලැබෙන්නෙ නෑ..නමුත් වෙලාවෙ හැටියට වෙන කරන්න දේකුත් නෑ )

ඔය උඩ කියල තියන කරුණු ටික කියවල ඉවර වෙච්ච ගමං එක සැරේම " අපෝ ප්‍රකාශන ඔප්පු දිහා නම් ආපහු හැරිලවත් බලන්නෙ නෑ " කියල හිතන්න එපා..
කිසියම් ඔප්පුවක් හා සම්බන්ධ පත්ඉරු අසම්බන්ධ වෙලා තියන අවස්ථාවලදි එකී පත් ඉරු සම්බන්ධ කරන්නත් ප්‍රකාශන ඔප්පු ලියනව..
පරිස්සමින් හොඳ සිහියෙන් කටයුතු කරන්න පුලුවන් නම් අනාගතයේ ඇතිවීමට නියමිත ප්‍රශ්න සෑහෙන දුරට අවම කර ගන්න බැරිකමක් නෑ..!

වැරදි තියනව නම් නිවැරදි කරන්න..!
ප්‍රකාශන ඔප්පුවක් ලියල භුක්තිය අඛන්ඩව නිරවුල්ව ප්රතිවිරුද්ව අවුරුදු 10ක් පෙන්නන්න පුළුවන් නම් ගැටලුවක් එන්නෙ නෑ. අවුරුදු 30ක් පරණ ප්‍රකාශන ඔප්පුවක් නම් සින්නක්කර ඔප්පුවක් හා සමානයි
ReplyDelete