ලතා මංගේෂ්කාර් සහ රාජ් සිං

රාජ් සිං කියන්නෙ දුන්ගාපූරය නමින් හඳුන්වපු රාජස්ථාන් කුමාරවර රාජධානිය පාලනය කළ මහාරාවල් ශ්‍රී ලක්ෂ්මන් සිං බහදූර්ගෙ බාලම පුත්‍රය..! 1955 සිට 1971 දක්වා පළමු පෙළ තරඟ 86 ක් සඳහා ක්‍රීඩා කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්..ඒ වගේම පසුකාලීනව ඉන්දියානු ක්‍රිකට් තේරීම් කමිටුවෙ සභාපතිවරයා හැටියටත් කටයුතු කරපු චරිතයක්..වයස අවුරුදු 16 ක් වෙච්ච සචින් තෙන්ඩුල්කාර්ව ක්‍රි.ව 1989 පාකිස්ථාන සංචාරය සඳහා නම් කරන්නෙත් රාජ් සිං කුමාරයම තමයි..!

ලතා මංගේෂ්කාර් කියන්නෙත් බ්‍රාහ්මණ පවුලක ඉපදිච්ච කෙනෙක්..ලතාගෙ සහෝදරයා සහ රාජ් සිං අතර ඉතාම හොඳ මිත්‍රත්වයක් තිබ්බ..ඒ නිසාම ලතා සහ රාජ් සිං අතර ඇතිවෙච්ච හිතවත්කම ආදරයකට පෙරලෙනව..

ඒත් මේ සම්බන්ධයට මහාරාවල් ලක්ෂ්මන්ගෙ අනුමැතිය ලැබෙන්නෙ නෑ..! මොකද ලතා මංගේෂ්කාර් රජ පවුලකට ගැලපෙන්නෙ නෑ..!

පතාගෙන ආපු හැටියට ඔතාගෙන යන්න තීරණය කරපු මේ දෙන්නම කසාද නොබැඳ ජීවත් වෙනව..

ඇල්සයිමර් රෝගයට ගොදුරු වෙච්ච රාජ් සිං 2009 දි මිය යනව..! එදා රජ පවුලකිං ප්‍රතික්ෂේප වෙච්ච ලතා මංගේෂ්කාර් රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙ වැඳුම් පිඳුම් මැද අවසන් ගමන් යනව..!

රාජ් සිං කුමාරයගෙ පවුලට අයිති මාළිගා කීපයක්ම තියනව..ඒ සමහරක් දැං සංචාරක හෝටල් හැටියට පවත්වාගෙන යනව..

පහල පළවෙනි පින්තූරයෙ ඉන්නෙ රාජ් සිං..! දෙවනි පින්තූරයෙ තියෙන්නෙ එයාලගෙ පවුලට අයිති මාළිගාවක්..!





Comments