VOC කාසි
මගේ ශිෂ්‍යයෙක් වෙච්ච දිනිඳු අචින්ත 9 වසරේ ඉද්දි මට කාසියක් තෑගි දුන්න. ඒක 1734 අවුරුද්දට අයිති VOC කාසියක්.
ඒ අවුරුද්දටම අයිති තව VOC කාසියක් මගේ කාසි එකතුවෙත් තියනව. ඒ කාසිය අපේ මලය පොඩි කාලේ ගෙදර මිදුල හාර හාර ඉද්දි අහම්බෙන් ලැබුණු එකක්. බදුල්ලේ පස් අතරට කොහොමද ලන්දේසි කාසියක් ලැබුණේ..?
ඒ කාසි දෙකේම එක පැත්තක VOC ලාංඡනය සටහන් කරල තියනව. VOC කියල කියන්නේ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම කියන වචනේ ලන්දේසීන්ගේ භාෂාවෙන් කියන ආකාරය ( Vereenigde Oost-Indische Compagnie ) කෙටි කළාම එන මුල් අකුරු තුන.
මේ සමාගම පිහිටුවන්නේ ක්‍රි.ව 1602 දී.මේ අවුරුද්දෙම තමයි ජොරිස් ෆන් ස්පිල්බර්ජන් නමැති පළමු ලන්දේසි ජාතික දූතයා ලංකාවට එන්නෙත්.
ඒ කාලේ වෙනකොට පෘතුගීසින් සතුව තිබ්බ පෙරදිග වෙළඳ ඒකාධිකාරය බිඳ දැමීම සම්බන්ධයෙන් ගෞරවයක් හිමිවෙනව නම් ඒක හිමිවෙන්න ඕනෙත් මේ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට තමයි.
මේ සමාගම පිහිටුවා ගත්තට පස්සේ නෙදර්ලන්ත ප්‍රදේශවල හිටපු ධනවත් මිනිස්සු මේ සමාගමේ තමන්ගේ මුදල් ආයෝජනය කළා. සමාගම ඒ මුදල් වලින් පෙරදිග ප්‍රදේශවලට යාත්‍රා කරල, හමුදා නඩත්තු කරල, ව්‍යාපාර කරල සමහර වෙලාවට කොල්ල කාලා අවසානයේ ලැබෙන මුදලින් අර ධනවත් පුද්ගලයන්ට ලාභාංශ ගෙව්ව.
නෙදර්ලන්ත රජය නීතියක් මගින් මේ සමාගමට වසර 21 යනතුරු පෙරදිග ප්‍රදේශවල සම්පූර්ණ වෙළඳ ඒකාධිකාරය පවරල දුන්න. පෙරදිග ප්‍රදේශවල යටත් විජිත ඇති කර ගැනීම, හමුදා පවත්වාගෙන යෑම සහ අධිකරණ බලතල පවා ඒ යටතේ සමාගමට ලැබුන.
විකිපීඩියාවේ දැක්වෙන ආකාරයට අනුව 1602 ඉඳල 1796 දක්වා මේ සමාගම සතුව නැව් 4785 ක් තිබිල තියනව. ඒ කාලය ඇතුළත 882,412 ක පමණ පිරිසක් සමාගමට අනුබද්ධව සෘජු සහ වක්‍ර රැකියාවල නිරත වෙලා තියනව. ටොන් මිලියන 2.5 ක බඩු එහාට මෙහාට කරල තියනව.
මේ සමාගම ලබාගත් ලොකුම ජයග්‍රහණය හැටියට සැලකෙන්නේ ක්‍රි.ව 1619 දී පමණ මලක්කා සමුද්‍ර සන්ධියේ බලය ලබා ගැනීම. ඒ සමගම ඔවුන් තම පෙරදිග මධ්‍යස්ථානය පිහිටුවනවා වර්තමාන ඉන්දුනීසියාවට අයිති ජාවා දූපතේ. අද ජාකර්තා නමින් හැඳින්වෙන්නේ ඒ නගරය. වසර සිය ගණනක් යනතුරු පෙරදිග ප්‍රදේශවල දේශපාලනික ඉරණම තීරණය කරන නගරය වෙන්නේ බතාවිය එහෙමත් නැත්නම් ජාකර්තා නගරය.
1638 දී දෙවන රාජසිංහ රජතුමා සහ වෙස්ටර් වෝල්ඩ් අත්සන් කරපු සුප්‍රකට "ඉඟුරු දීල මිරිස් ගත්ත" ගිවිසුමෙන් පස්සේ ලංකාවත් ලන්දේසින් එක්ක වෙළඳාම් කරන්න පටන් ගන්නව. ලංකාවේ කරපු වෙළඳ කටයුතු වලදි හුවමාරු මාධ්‍ය හැටියට භාවිතා කළේ VOC කාසි.
ඕලන්ද ක්‍රමයට ගොඩ නගපු පැරණි වෙළඳපොලකුත් බදුල්ලේ තියනව. බදුල්ලේ නොවන අයට බලාගන්න ඒකේ පින්තූරෙකුත් එකතු කරන්නම්.
එහෙම ගනුදෙනු කරපු කාසි සමහර වෙලාවට සමහර අය අතින් නැති වෙන්න ඇති. නැත්නම් පරිස්සමට ගන්න කියල කොහේ හරි වළදාල තියන්න ඇති. වළදාපු කාසි ගොඩ ගන්න කලිං වළ දාපු මිනිස්සු වලට යන්නත් ඇති.
ඒ වගේ කාසි දිනිඳුල අපේ මලයල වගේ අයට ආපහු හම්බ වෙනවත් ඇති.
කොහොමින් කොහොම හරි 2034 අවුරුද්ද වෙනකොට ඒ කාසි දෙකට වයස අවුරුදු 300 ක් සම්පූර්ණ වීමට නියමිතයි.
VOC කාසියක් |

ඕලන්ද සම්ප්‍රදායට අනුව නිමවා ඇති බදුල්ලේ පැරණි වෙළඳ සංකීර්ණය |
එහෙම ගනුදෙනු කරපු කාසි සමහර වෙලාවට සමහර අය අතින් නැති වෙන්න ඇති. නැත්නම් පරිස්සමට ගන්න කියල කොහේ හරි වළදාල තියන්න ඇති. වළදාපු කාසි ගොඩ ගන්න කලිං වළ දාපු මිනිස්සු වලට යන්නත් ඇති.
ඒ වගේ කාසි දිනිඳුල අපේ මලයල වගේ අයට ආපහු හම්බ වෙනවත් ඇති.
කොහොමින් කොහොම හරි 2034 අවුරුද්ද වෙනකොට ඒ කාසි දෙකට වයස අවුරුදු 300 ක් සම්පූර්ණ වීමට නියමිතයි.
u r very great sir
ReplyDeletegd job sir
ReplyDeleteyou're perfect sir
ReplyDeleteyou're perfect sir
ReplyDeletegood job sir
ReplyDeleteWow sir... Good Job Sir... Very Usefull Blog..😊😊
ReplyDelete