දුක තමයි රංජනී


ඉතාම සරල නීතිමය කාරණයක් ආපහු පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න ඕන කියල හිතන නිසා ලියන්නම්.

රංජනී කියල කාන්තාවක් ඉන්නව. එයාට A, B සහ C කියල සහෝදරයො තුන් දෙනෙක් ඉන්නව.

රංජනීලැයි තාත්ත A, B සහ C තුන් දෙනාටම මහ ඉඩමෙන් කොටස් තුනක් වෙන් කරල වෙනම ඔප්පු ලියල දෙනව.

රංජනී තාත්ත බලාගෙන මහගෙදර ජීවත් වෙනව. සහෝදරයො තුන් දෙනාට කොටස් වෙන් කරල දීපු රංජනීලැයි තාත්ත තමන් ජීවත් වෙච්ච මහගෙදර සහ ඉඩම් කොටස රංජනීගේ නමට ලියන්නෙ නෑ. අනිත් අයට ඉඩම් බෙදල දීපු නිසා ඒක කොහොමත් රංජනීට තමයි කියල හිතාගෙන ඉන්නව.

රංජනීලැයි තාත්ත මැරිච්ච දවසෙ තමයි අවුල පත්තු වෙන්නෙ.

තමන්ටත් මහ ගෙදරට අයිතියක් තියනව කියල රංජනීගේ A, B, C සහෝදරයො ටික ගතු කියන්න පටන් ගන්නව.

මේ අවුල ලිහා ගන්න රංජනී නොතාරිස් කන්තෝරුවකට යනව.

" කිසියම් පුද්ගලයෙක් මිය යන්න කලින් ලියා දුන්නු එව්ව අත ඇරල ඉතුරු එව්ව තමයි මරණයෙන් පස්සෙ බෙදෙන්නෙ..! රංජනී දැං ඉන්න ඉඩම සහ ගෙදර සහෝදරයන්ටටත් අයිතියි..එයාට අයිති ඒ ඉඩමෙන් සහ මහ ගෙදරින් 1/4 ක් විතරයි. "


දුක තමයි රංජනී..!

Comments