විකිණීමට එකඟ වීමේ ගිවිසුම ( Agreement to Sell )


කිසියම් ඉඩමක් විකුණන්න දාල තියනව. තවත් කෙනෙකුට ඒ ඉඩම සල්ලි දීල ගන්න ලොකු උවමනාවක් තියනව. ඒත් එයාගෙ අතේ සම්පූර්ණ මුදල නැහැ..!

එහෙමත් නැත්නම් ඒ ඉඩම සල්ලි දීල ගන්න කලින් විකුණුම්කරු විසින් කළ යුතු වැඩ කටයුතු කිහිපයක් තියනව. ( උදා - ඉඩම වටා තාප්පයක් ගැසීම, ප්ලෑනක් සකස් කිරීම..etc )

විකුණුම්කරුට විකුණන්නත් ඕන. ගැනුම්කරුට ගන්නත් ඕන..!

නමුත් මේ සඳහා දෙපාර්ශවයටම හෝ ඒක් පාර්ශවයකට කිසියම් කාලයක් අවශ්‍යයි.

එවැනි අවස්ථාවකදී අදාළ කොන්දේසි ඇතුළත් කරල, කිසියම් කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන ආකාරයට විකිණීමේ ගිවිසුමක් සකස් කරල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරන්න පුලුවන්..!

ගැනුම්කරු විසින් විකුණුම්කරු වෙත ලබාදෙනු ලබන නැවත ගෙවනු හෝ නොගෙවනු ලබන අත්තිකාරම් මුදලක් පිළිබඳ කරුණුත් එම ගිවිසුමට ඇතුළත් වෙනව.

ඒ ඔප්පුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ අදාළ පත් ඉරුවේම ලියාපදිංචි කරනව.

Comments