යතුරු පැදිවල එන්ජින් ධාරිතාවය සහ ලංකාවේ නීතිය


ලංකාවේ යතුරු පැදි හා සම්බන්ධ එන්ජින් ධාරිතාවය ගැන ගොඩක් අයට නිවැරදි අවබෝධයක් නැහැ. අපි මේ ගැන එක්තරා අවස්ථාවක නීති කතා | Law Talks පේජ් එකෙත් කතා කරල තියනව.

සරලවම මෙහෙමයි..

2014 ඔක්තෝබර් මස නිකුත් කරන ලද අංක 1885/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව පත්‍රයට අනුව මෝටර් සයිකලයක එන්ජිමේ ධාරිතාවය 1000 CC නො ඉක්මවිය යුතුයි.

ඊට පෙර තිබූ නීති රීති සියල්ල ඉහත ගැසට් පත්‍රය සමග ඉවත් වෙනව.

ඒ අනුව කාරණය පැහැදිලියි.

එන්ජින් කැපෑසිටිය 1000 CC ට අඩු නම් එවැනි ඕනෑම මෝටර් බයිසිකලයක් ලංකාවේ ලියාපදිංචි කරන්නත් පුලුවන්, කිසිම බාධාවකින් තොරව මාර්ගයන්හී ධාවනය කරන්නත් පුලුවන්..

මේ පහල තියන විරිඳුවත් පොඩ්ඩක් මතක් කරගෙනම ධාවනය කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි..

උස් මහත් කරපු මව්පියන්ගෙ

මැණික් මුතු කැට..

අද රහත් වෙන්නෙ බයික් එකේ

ගිහින් රට වට..

ඉගිලෙන්න ගිහින් පාරේ හිමින්

යන්න කී කොට..

මල් මිලින උනේ යටම වෙලා

යකඩ ගොඩකට..

කොල්ලන්ට පණ වගෙයි

බැහැ දුක් විඳිනු බලන්න

ඔය යකඩවලට පපුවක් නෑ

කඳුලු සලන්න..

මගෙ රටට පිරිමි පුතුන් අඩුයි

හිතල බලන්න..

හිත යටින් ලැබෙන සතුට හෙමින්

ගිහින් බලන්න..

Comments