මුහුදේ ගිලී ගිය මහා ශිෂ්ටාචාරය - අත්ලාන්තිස්
ක්‍රි.පූ තුන්වන සියවසේ දී පමණ ග්‍රීසියේ ජීවත් වෙච්ච ප්ලේටෝ නම් සුප්‍රකට දාර්ශනිකයා තමන්ගේ සංවාද සටහනක ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මහා දිවයිනක තොරතුරු හෙළිදරව් කරනව.
ප්ලේටෝ දක්වන විස්තරයට අනුව ඒ දිවයින මෙන්න මේ වගේ එකක්,
' ස්වභාව ධර්මයා ගේ සියලු චමත්කාරයන් රැගත් මේ දිවයිනේ විසූ මනුෂ්‍යයෝ සමෘද්ධිමත් භාවයෙන් හා විශිෂ්ට බුද්ධියෙන් අග තැන්පත් පිරිසක් වූහ.අගනුවර ඉදිකළ මාළිගා බිත්ති ඉතා උස් වූ අතර ඒවායේ රන් හා රිදී තහඩු ඔබ්බවා තිබුණි.නෞකාවන් තනා, යුද්ධ හමුදා පුහුණු කොට අවට තිබූ රටවල් යටත් කළ ඔවුහු එකළ දැන සිටි ලෝකයේ මහා බලවතා බවට පත් විය.එහෙත් ධනයෙන් හා බලයෙන් උමතුව ඔවුන් කළ කී දෑ නිසා කෝප වූ දේව සභාව එක්වී එම දිවයින එක රැයෙන් මුහුදේ ගිල්වා දැමූහ.'
අපි හැමෝම වගේ අහල, කියවල තියන අත්ලාන්තිස් දිවයින හා සම්බන්ධ දැනට තියන පැරණිතම සටහන තමයි ඒක..
ප්ලේටෝ සඳහන් කරන ආකාරයට මේ දූපත තිබුණේ අත්ලාන්තික් සාගරයේ.
කතන්දරයක් හැටියට බැලුවම නම් මේක හරිම සුන්දර එකක්. විද්‍යා ප්‍රබන්ධ රැසකට මේ දිවයිනේ පුරාවෘත්තය පදනම් වෙලා තියෙන්නේ ඒ නිසා වෙන්න ඕන.
ප්ලේටෝ ( වමේ ) රෆායල් ගේ ඇතැන්ස් හී පාසල චිත්‍රයෙනි |

මේ දූපත ගැන ලියවිලා තියන පොත් පත් හා ලිපි ලේඛන සංඛ්‍යාව දස දහකටත් වැඩි බවයි සඳහන් වෙන්නේ.
ඇතැම් ඉතිහාසඥයෝ මේ කතාව හුදෙක්ම හිතළුවක් හැටියට බැහැර කරනව. තවත් අය මේ දිවයින සත්‍යයක් බව විශ්වාස කරන ගමන් එය තිබුණු ස්ථානය එහි ස්වරූපය සහ එය විනාශ වූ ආකාරය ගැන අනාවැකි ඉදිරිපත් කරනව.
එක් මතයකට අනුව අත්ලාන්තිස් පිහිටා තිබුණේ ප්ලේටෝ කියන හැටියට ම අත්ලාන්තික් සාගරයේ.
වෙනත් මතයකින් කියැවෙන්නේ එය පිහිටා තිබුණේ ඉන්දියන් සාගරයේ බවයි. ඉතිහාසය ගැන අදහස් දක්වන ඇතැම් දේශීය විද්වතුන් මේ සිදුවීම රාවණා රජතුමා ගේ කතාවට ත් සම්බන්ධ කරනව සමහර අවස්ථාවල දී.
අත්ලාන්තිස් විනාශ උනේ භූ කම්පනයකින් හෝ උල්කාපාතයකින්.
පිහිටීම හා විනාශ වීම කොහොම උනත් හැමෝම ඒකමතිකව පිළිගත්ත දේ තමයි මේ ශිෂ්ටාචාරය ඉතාම දියුණු තත්ත්වයකින් පැවති එකක් බව.

විකිපීඩියා විශ්වකෝෂයට අනුව නම් මේක තිබුණේ අත්ලාන්තික් සාගරයේ |
වෙනත් මතයකින් කියැවෙන්නේ එය පිහිටා තිබුණේ ඉන්දියන් සාගරයේ බවයි. ඉතිහාසය ගැන අදහස් දක්වන ඇතැම් දේශීය විද්වතුන් මේ සිදුවීම රාවණා රජතුමා ගේ කතාවට ත් සම්බන්ධ කරනව සමහර අවස්ථාවල දී.
අත්ලාන්තිස් විනාශ උනේ භූ කම්පනයකින් හෝ උල්කාපාතයකින්.
පිහිටීම හා විනාශ වීම කොහොම උනත් හැමෝම ඒකමතිකව පිළිගත්ත දේ තමයි මේ ශිෂ්ටාචාරය ඉතාම දියුණු තත්ත්වයකින් පැවති එකක් බව.
ඉදිරිපත් වෙලා තියන මතවාද ඇසුරෙන් මම කැමතිම එක තමයි විල් ඩුරන්ට් සහ ආතර් එවන්ස් කියන ඉතිහාසඥයන් විසින් ඉදිරිපත් කරන මතය. ඒ මතය සම්පූර්ණයෙන්ම වාගේ තර්කානුකූලයි.
ප්ලේටෝට අනුව ඔහු මේ විස්තරය දැනගන්නේ ක්‍රි.පූ 575 දී පමණ විසූ ග්‍රීක දේශ සංචාරකයෙකු වූ සොලොන් නැමැත්තෙකු විසින් ලියන ලද පුවත් අඩංගු කෘතියකින්. සොලොන්ට මේ පුවත දැන ගැනීමට ලැබිල තියෙන්නේ පැරණි මිසරවාසීන් විසින් රූපාක්ෂර මඟින් ඉදිරිපත් කොට තිබූ සටහන් කිහිපයක් මඟින්.
මිසර රූපාක්ෂර |
ආතර් එවන්ස් සහ විල් ඩුරන්ට් කියන ඉතිහාඥයන් හේතු සහිතව ප්‍රකාශ කරන්නේ ක්‍රි.පූ 1500 ට එහා කාලයක පැවති මිනෝවන් කියන ශිෂ්ටාචාරය පිළිබඳ තොරතුරු සොලොන් සහ ප්ලේටෝ විසින් කරුණු වරදවා ගෙන ඉදිරිපත් කරන්නට ඇති බවයි.
ඔවුන්ට අනුව යුරෝපීය ශිෂ්ටාචාරය නම් දම්වැලේ පළමු පුරුක තමයි මෙම මිනෝවන් ශිෂ්ටාචාරය.
වර්තමාන ග්‍රීසියට දකුණින් පිහිටා ඇති ක්‍රීට් හා තේරා දූපත් මෙම තමයි මෙම ශිෂ්ටාචාරයේ ප්‍රධාන මධ්‍යස්ථානයන් උනේ. කාලයට සාපේක්ෂව බලන කොට මිනෝවන් කියන්නේ ඉතාම දියුණු තත්ත්වයක පැවති ශිෂ්ටාචාරයක් කියල පැහැදිලිවම කියන්න පුළුවන්.
ඒ ගැන වෙනත් ලිපියකින් කරුණු දක්වන්නම්.
ක්‍රි.පූ 1450 දී පමණ ඇති වූ ගිනිකඳු පිපිරීම්, මුහුදු ගොඩ ගැලීම් හා භූමි කම්පා නිසා ක්‍රීට් හා තේරා දූපත් දෙකේම විශාල භූමි ප්‍රමාණයක් මුහුදේ ගිලී ගියා.
මෙම පැරණි ශිෂ්ටාචාරයට අයත් කෞතුක වස්තූන් රැසක් තවමත් ක්‍රීට් දූපතෙන් හමු වෙනව.මේ පහල තියෙන්නේ එහෙම හමු උන නාග දේවතාවිය නම් මූර්තිය.
තේරා දූපත නම් මුළුමනින්ම වාගේ විනාශ උනා.වර්තමානය වනවිට එහි ඉතිරි වී ඇති භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 73 ක්.
සමුද්‍ර ඛාදනයකට ලක් වීමේ සළකුණු එහි පැහැදිලිව ම දකින්න ලැබෙනවා.
ඒ ගැන වෙනත් ලිපියකින් කරුණු දක්වන්නම්.
ක්‍රි.පූ 1450 දී පමණ ඇති වූ ගිනිකඳු පිපිරීම්, මුහුදු ගොඩ ගැලීම් හා භූමි කම්පා නිසා ක්‍රීට් හා තේරා දූපත් දෙකේම විශාල භූමි ප්‍රමාණයක් මුහුදේ ගිලී ගියා.
මෙම පැරණි ශිෂ්ටාචාරයට අයත් කෞතුක වස්තූන් රැසක් තවමත් ක්‍රීට් දූපතෙන් හමු වෙනව.මේ පහල තියෙන්නේ එහෙම හමු උන නාග දේවතාවිය නම් මූර්තිය.
නාග දේවතාවිය |
සමුද්‍ර ඛාදනයකට ලක් වීමේ සළකුණු එහි පැහැදිලිව ම දකින්න ලැබෙනවා.
තේරා දූපත |
මිනෝවන් ශිෂ්ටාචාරය රහස් ගොඩක් සඟවගෙන මුහුදු පතුලේ ගිලී ගියත් පසුකාලීනව ගොඩනැගෙන ග්‍රීක ශිෂ්ටාචාරය නිර්මාණය වෙන්නේ ඒ මතින්.
ග්‍රීක මිත්‍යා කතා කියවන්න කැමති නම් මේ සබැඳීන්ගෙන් යන්න පුලුවන්.
ග්‍රීක මිත්‍යා කතා - ආරම්භය
සිසිපස් සහ පෙරළෙන පර්වතය
බලාපොරොත්තුව

Nice sir
ReplyDeletegood job sir. This is important to anyone who willing to know our history,not only for students.
ReplyDelete@wede yapa Thnx !
ReplyDelete@charitha Thnx charitha..!
ReplyDelete