ඵුස්සදේව සෙනෙවියාගේ රාජ අපරාධය
දුටු ගැමුණු රජතුමා ගේ හමුදාවේ හිටපු දුනු විදීමේ ශූරය තමයි ඵුස්සදේව. දුනු විදීමේ බලකායට මම යොදන්න කැමතිම නම තමයි ' දිග දුර විහිදුම් බලකාය '...ඒත් වර්තමාන යුද හමුදාවේ භාවිතා වෙන අර්ථයෙන් ඒක වැරදි යෙදුමක්...ඒ ගැන වෙන ලිපියකින් කියන්නම්..
මම කැමති හැටියට කියනව නම් දුටු ගැමුණු රජතුමාගේ දිග දුර විහිදුම් බලකායේ අණදෙන නිලධාරිය තමයි ඵුස්සදේව..
ඔහු ඉපදුනේ රෝහණ ජනපදයේ සිතුල් පව්ව අසල ගමක. ඔහුගේ පියා උත්පල කියන ප්‍රාදේශීය ජන ප්‍රධානියෙක්. ඵුස්සදේව සතු වූ විශිෂ්ට හැකියාවක් ලෙස මහාවංශයේ දැක්වෙන්නේ ඔහු සතුව තිබූ අසාමාන්‍ය සක් පිඹීමේ හැකියාව. පොඩි කාලේ දවසක් පන්සලකට ඇවිත් මොහු පන්සලේ හක් ගෙඩිය පිඹිනවා. වටේ ඉන්න කට්ටිය සිහිය නැති වෙලා වැටෙනවා. මේ නිසා සමහර වෙලාවට මහාවංශය ඔහුව හඳුන්වන්නේ උම්මාද ඵුස්සදේව යන නමින්.
වර්තමාන හමුදාවක උනත් ස්නයිපර් සෙබළෙක් වීමේ දී හුස්ම ගැනීමේදී දක්වන ස්ථාවරත්වය හා ප්‍රබලබව අනිවාර්ය සාධකයක්. ඒ ගැන වැඩි විස්තර ඕනේ නම් මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න.
එළාර රජතුමා අවසන් සටනට කලින් තමන්ගේ බෑණා වෙච්ච භල්ලුක කියන සෙනෙවියාට පණිවිඩයක් යවනවා තමන්ගේ උදව්වට එන්න කියල. ඒත් භල්ලුක ලංකාවට එනකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. එළාර රජතුමා මැරිල දවස් හතකුත් ගිහිල්ල. එළාර මිය ගියාට කමක් නැහැ තමන් හරි රාජ්‍යය ගන්නව කියල හිතාගෙන භල්ලුක අනුරාධපුරය දිහාට එනව.
මේ සටනත් එච්චර ලේසි එකක් නම් නෙවෙයි. එළාර පැරදුනාට එළාරට පක්ෂපාතී වෙච්ච පිරිසක් රජරට ඉතුරු වෙලා නොඉන්න විදිහක් නැහැනේ. වර්තමාන දෙමළ ඩයස්පෝරාව වගේ අය ඒ කාලෙත් ඉන්න ඇති. ඔවුන්ගේ සහය අනිවාර්යයෙන්ම භල්ලුකට ලැබෙන්න ඇති.
මේ සටනේ දී දුටු ගැමුණු රජතුමාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන්නෙත් ඵුස්සදේව. සමහර විට කලින් සටන්වලදී දක්වපු දක්ෂතාවය නිසා ප්‍රොමෝෂන් එකක් ලැබෙන්න ඇති ජනාධිපති ආරක්ෂක ඒකකයේ ප්‍රධානියා හැටියට....!
සටනේ මුල හරියෙ දි දුටු ගැමුණු රජතුමාගේ සේනාව ටිකක් පහු බහිනව. එතකොට කලබල වෙන රජතුමා ඵුස්සදේවගෙන් මෙහෙම අහනව,
' සටන් විසි අටක දිත් පහු නොබැහපු කණ්ඩුල ඇතා ඇයි අද මේ පහු බහින්නේ..? '
එතකොට ඵුස්සදේව ' රජතුමනි ජය භූමියක් එනතුරුයි ඇතු පහු බහින්නේ ' කියල රජතුමා ගේ හිත හදනව.
දුනුවායෙක්ගේ විතරක් නෙවෙයි මනෝ චිකිත්සකයෙකුගේ කාර්යයත් ඵුස්සදේව හොඳටම ඉටු කරල තියන බව තමයි පේන්නේ.
අනුරාධපුරය අසල කොළඹහාලක කියන ස්ථානේදි තමයි දරුණුවටම සටන් ඇවිලෙන්නේ. භල්ලුකගේ සේනාව අනුරාධපුරය අසලටම ආව කියන එකත් සුළුවෙන් තක්සේරු කළ යුතු දෙයක් නෙවෙයි. දුටු ගැමුණු රජතුමා ගේ දක්ෂතාවය, ජනප්‍රියත්වයත් එක්ක බලද්දි මහාතිත්ථ වරායේ ඉඳල එච්චර දුරක් ආව කියන එකත් ලොකු ජයග්‍රහණයක් තමයි.
භල්ලුක ඈත ඉඳගෙන දුටු ගැමුණු රජතුමාට පරුෂ වචනයෙන් බැණ වදිනව....! අපේ ලොක්කත් අත අරින්නේ නෑ.කඩුවෙන් කට වහගෙන එකට එක කියනව.
ඒ කියා ගත්ත වචන ටික ලියල නෑ නේ හත් ඉලව්වේ ඉතිහාසේ කොහෙවත්. චිත්‍රපටියේ හොඳම කොටස බලාගන්න බැරි උනා වගේ....!
කොහොම හරි දුටු ගැමුණු රජතුමා භල්ලුකට බණින වෙලාවේ භල්ලුකගේ සෙබලෙක් රජතුමාගේ කටටම ඊතලයක් එවනවා. රජතුමා බැන්නේ කඩුවෙන් කට වහගෙන නිසා ඊතලය කඩුවේ වැදිල බිමට වැටෙනව.
ක්‍රීස් එකේ ඉද්දි උනත් ස්ටම්ප් කරල බේල්ස් වැටුණා කියන්නේ පිතිකරුවගේ මානසික ඒකාග්‍රතාවය බිඳෙන වැඩක් නේ...පන්දු රකින කණ්ඩායමට විකට් එක නොගිය උනත් පොඩි ගැම්මක් එනව නේ...
ඉතින් භල්ලුකගේ සේනාව ජයඝෝෂා නඟනව. භල්ලුකත් කෑ ගහල ජය ඝෝෂා කරනව.
භල්ලුක කට අරින කොටම අපේ කතා නායකය ඵුස්සදේව රජතුමා ගේ පිටුපසින් ඉඳගෙන ඊතලයක් යවනව භල්ලුක ගේ කටට..
චිත්‍රපටිවල නම් මේ වගේ වෙලාවට සංගීතේ නතර වෙනව මිනිස්සු කටවල් ඇරගෙන බලං ඉන්නවා. මෙතන හිටපු සේනාවන් දෙකටත් ඒකම වෙන්න ඇති.
කට්ටිය කටවල් ඇරගෙන හිටියට ඵුස්සදේව තවමත් ඉන්නේ හොඳ අවධානයෙන්. ඔහුට පේනව කටට වැදුණු ඊතලේ නිසා භල්ලුක වැටෙන්න යන්නේ පිටුපසට. දුටු ගැමුණු රජතුමාගේ පැත්තට කකුල් දෙක හිටින විදිහට. මේක රජතුමාට අගෞරවයක් වෙන්න පුළුවන් කියල කල්පනා කරපු ඵුස්සදේව තවත් ඊතලයක් යවනව භල්ලුකගේ කකුලට. භල්ලුක දුටු ගැමුණු රජතුමා ඉස්සරහ වැඳ වැටෙනව වගේ මුණින් අතට වැටෙනව..!
වචන ගාණක් වියදම් කරල මේ කතාව මෙහෙම කිව්වට ඕනේ නම් මේ ඔක්කොම වෙන්න තප්පර පහක් යන්න ඇති.
කතාවේ හොඳම හරිය ඒක නෙවෙයි.
දුටු ගැමුණු රජතුමාගේ සේනාව ජයඝෝෂා කරනව...ප්‍රීති වෙනව..
ඒ අතරේ ඵුස්සදේව සෙනෙවියා තමන්ගේ කන් පෙත්ත ඉරල අරගෙන රජතුමාට ඉදිරිපත් කරල තමන් කරපු රාජ අපරාධයට සමාව දෙන්න කියල ඉල්ලා හිටිනව. දුටු ගැමුණු රජතුමාට හිතා ගන්න බෑ මොකක්ද මේ මනුස්සය මේ කියන්න යන්නේ කියල. බැරි තැන අහනව 'ඇයි මේ' කියල..
එතකොට ඵුස්සදේව කියනව
' රජතුමනි, භල්ලුකට මම විදපු එක ඊතලයක් ඔබතුමාගේ කුණ්ඩලාභරණයේ ගෑවී නොගෑවී ගියා. ඒ කරපු රාජ අපරාධයට සමාවෙලා මේ දඬුවම පිළිගන්න '
භල්ලුකගේ පරුෂ වචන ටික අහල යකා නැගල හිටිය මදිවට කඩුවට වැදිච්ච ඊතලේ ගැනත් හිත හිත හිටපු දුටු ගැමුණු රජතුමාට ඊතලයක් කණ ලඟින් ගියාද කියලවත් මතකයක් තිබිල නැහැ. ඒ නිසා ඵුස්සදේව මේ කරපු වැඩෙන් රජතුමා බොහොම දුකට පත් වෙනවා.
මහාවංශයේ දැක්වෙන ආකාරය ඊට පස්සේ රජතුමා ඵුස්සදේවට ආමණ්ත්‍රණය කියන්නේ ' මල්ලී ' කියන ආදරණීය යෙදුමෙන්. රජ කෙනෙක්ගෙන් ඒ වගේ ගෞරවයක් ලබනව කියන්නේ ඒ කාලේ හැටියට ලොකු ජයග්‍රහණයක්.
ඒ විතරක් නෙවෙයි පස්සේ දවසක භල්ලුකගේ කටට විදපු ඊතලේ ගෙනල්ලා, රාජ සභාව ඉදිරියේ ඒක හිටවල, ඒක වැහෙන්නම සල්ලි දාල ඒ ඔක්කොම ඵුස්සදේවට තෑගි කරන්නත් දුටු ගැමුණු රජතුමා කෘතවේදී වෙනව.
දිනා ගත්ත රටේ ඊට පස්සේ සිද්ධ උනේ මොනවද කියල තවත් ලිපියකින් බලමු.

ස්නයිපර් සෙබළෙක් |

මූලාශ්‍රය - මහාවංශය
Sir great work! , a great concept,,, ithihasaye danum yathrawakma wenne kiyala prathana karanawa! Attama honda wadak, danna nadunnana siyalu denatama
ReplyDeleteNice,Great,Brilliant,Awesome,Fantacy really good job Sir.Its our pleasure to see you ideas as this in here.We always with you Sir.Dont give up.Continue this for future,
ReplyDelete