දුටු ගැමුණු රජතුමා

ක්‍රි.ව පස්වන ශතවර්ෂයේදී පමණ මහාවංසය රචනා කරන මහානාම හාමුදුරුවන්ගේ වීරයා තමයි දුටු ගැමුණු රජතුමා.

කාවන්තිස්ස රජතුමා සහ විහාර මහා දේවියගේ විවාහයේ පටන් දුටු ගැමුණු රජතුමාගේ මරණය දක්වාම ලංකා ඉතිහාසයේ වෙන කිසිම රජෙක් ගැන නොදක්වන තරම් විශාල තොරතුරු ප්‍රමාණයක් දුටු ගැමුණු රජතුමා ගැන සටහන් කරන්න මහානාම හිමියන් වග බලා ගන්නවා.


දුටු ගැමුණු රජු යැයි සැලකෙන ප්‍රතිමාවක්

රට එක් සේසත් කිරීම සඳහා දක්වපු දායකත්වයත්, මහාවිහාරයට දක්වපු අනුග්‍රහයත් එක්ක බලද්දි ඒකේ වරදක් කියන්නත් අමාරුයි එක අතකට.


එළාර දුටු ගැමුණු යුද්ධය

මහාවංශයේ විතරක් නෙවෙයි තවත් බොහෝ මූලාශ්‍ර වල මෙන්ම ජනප්‍රවාද වලත් දුටු ගැමුණු රජතුමාට සුවිශේෂ තැනක් හිමි වෙනවා.

මුල ඉඳල ලියන්න ගියොත් වැඩේ ටිකක් කම්මැලි වෙන්න පුලුවන් නිසා මතක් වෙන වෙන හැටියට කතාවක් බැගින් ඉදිරිපත් කරන්නම්.

පස්සේ පිළිවෙලකට හදා ගමු.

දැනට ලියල තියන කතා ටික තමයි මේ පහලින් තියෙන්නේ.

ඵුස්සදේව සෙනෙවියාගේ රාජ අපරාධය

Comments

Post a Comment