කාර්මික විප්ලවය චාලි චැප්ලින් ගේ ඇසින්

සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂය නිර්දේශවල දී දී කාර්මික විප්ලවය කියන පාඩම අපිට මුණ ගැහෙනවා. මේ පාඩමට ප්‍රවේශ වෙන්න මම භාවිතා කරන්නේ චාලි චැප්ලින් ගේ Modern Times කියන චිත්‍රපටිය.

මේ තියෙන්නේ ඒකේ එක දර්ශනයක්

ඒ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන වෙලාවට සුපුරුදු විදිහට හැමදාම සිද්ද වෙන සිදුවීම් කිහිපයක් තියනවා.

මුලින්ම ළමයින් ගේ  චුරු චුරුව.

" අයියෝ කළු සුදු එකක් ද....? අද නම් එපා වෙයි...! "

මට මේ කතා සුපුරුදු නිසා ඒව ඇහුණේ නෑ වගේ චිත්‍රපටිය දාල වාඩි වෙනව.

චිත්‍රපටිය පටං අරං විනාඩි දෙකක් යද්දි කට්ටිය සන්සුන් වෙනවා. තවත් ටිකක් වෙලා යද්දි දෙක වෙන්න හිනා වෙන්න පටං ගන්නවා.


මේ තියෙන්නේ තවත් දර්ශනයක්

1936 අවුරුද්දේ නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් උනත් කාර්මික විප්ලවය නිසා මිනිසුන්ගේ ජීවිත යාන්ත්‍රික වෙච්ච හැටි, ඒ නිසා මිනිසුන්ට මුහුණ දෙන්නට සිදු වෙලා තියන ප්‍රශ්න මොනවද....? සමස්ත සමාජයම වෙලාගෙන තියන ආතතියට හේතු මොනවද....? මුදල් වලට වඩා ආදරය සහ මනුෂ්‍යත්වය කොච්චර වටිනවද..? වගේ කරුණු රැසක් හිනාවත් සමඟම චාලි චැප්ලින් අපට ඉදිරිපත් කරනවා.


චිත්‍රපටිය ඉවර උනාට පස්සේ ' කාර්මික විප්ලවය නිසා ඇතිවූ සමාජීය ප්‍රතිඵල ' යන මාතෘකාව යටතේ ළමයින්ට විස්තරයක් ලියන්න සිද්ද වෙනවා.

IMDB ශ්‍රේණිගත කිරීම් වලට අනුව 8.6/10 වගේ ඉහළ අගයක් ලබා ගත්ත මේ චිත්‍රපටය බයස්කෝප් අඩවියේ සහෝදරවරු සිංහල උපසිරැසිත් සමඟ නිකුත් කරල තිබුණා.මම මේ චිත්‍රපටය බාගත කළෙත් එතැනින්.

ඒ නිසා බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙතන ඔබන්න.

Comments