ග්‍රීක මිත්‍යා කතා - ආරම්භය

ආර්ථික අවපාතයක් හේතුවෙන් රටේ රන් සංචිත එහෙමත් එළියට දාන්න සිද්ධ වෙලා පොඩි අලකලංචියක් ඇති උනාට ග්‍රීසිය කියන්නේ පැරණි ලෝකයේ, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ දී විශිෂ්ට ශිෂ්ටාචාරයක් නිර්මාණය කරපු ජාතියක් ජීවත් වෙන රටක්. අපි හැම කෙනෙක්ම ජීවිතේ එක සැරයක් හරි ග්‍රීක මිත්‍යා කතාවක් අහල තියනව. හර්කියුලීස් ගේ කතා..පැන්ඩෝරා ගේ මැජික් පෙට්ටිය ගැන කතාව..අඩු ගාණේ මේව අපි කාටූන් එකකින් හරි බලල තියනව.

මේ ඉන්නේ පැන්ඩෝරා

දන්න කියන හර්කියුලීස්
                                                           

අපි එහෙම සරලව ඇහුවට, බැලුවට, කියෙව්වට ග්‍රීක මිත්‍යා කතා කියන්නේ පුළුල් විෂයක්. Greek Mythology හෙවත්  ග්‍රීක පුරාණෝක්තිවේදය නමින් වෙනම විෂයයක් පවා මේ ගැන ගොඩනැගිල තියෙන්නේ ඒ නිසා. බොහොම සරලව අර්ථ දක්වනව නම් ග්‍රීක පුරාණෝක්තිවේදය කියන්නේ පැරණි ග්‍රීකයන් සතු වූ මිත්‍යා කතා සමූහය සහ ඒ තුළින් විද්‍යමාන වන ඉගැන්වීම් සමූහය කියල කියන්න පුළුවන්.

මේ කතාවල ගොඩක් මිත්‍යා දේවල් තිබුණා උනත් දාර්ශනික යමකුත් ඒ ඇතුලෙම දක්නට ලැබෙනව කියන එක තමයි  නිර්වචනය තුළින් පැහැදිලි වෙන්නේ.

අපි මේ කියන්න යන කතා මාලාව ඇතුලේ ග්‍රීක මිත්‍යා කතා රැසක් තියනවා. ඒ ගමන්ම ග්‍රීක ඉතිහාසය පිළිබඳ දැනගත යුතු පාඩම් පොත් වල නැති තවත් කරුණු රැසකුත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

දැනට ඉදිරිපත් කරල තියන කතා ටික තමයි මේ පහලින් තියෙන්නේ.

Comments