Fox hill හෙවත් නරියා කන්ද

හැම අප්‍රේල් මාසෙකම වගේ ගොඩක් අයගේ අවධානය දියතලාවේ නරියා කන්ද දිහාට යොමුවෙනවා. ඒ ෆොක්ස් හිල් ධාවන තරග නිසා.

අපේ කතාව ධාවන තරග ගැන නම් නෙවෙයි.

ෆොක්ස් හිල් එහෙමත් නැත්නම් නරියා කන්දට කොහොමද ඒ වගේ අමුතු නමක් වැටුණේ..?

කතාව මේකයි,

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් දියතලාව හමුදා කඳවුර පිහිටුවන්නේ ක්‍රි.ව 1885 අවුරුද්දෙ දි. මෙම කඳවුර පිහිටුවීමේ මූලික අරමුණ උනේ ලංකාව වැනි යටත් විජිතයකට අවශ්‍ය හමුදාව පුහුණු කර ගැනීම හා බ්‍රිතාන්‍ය සෙබලුන්ට අවශ්‍ය පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කර ගැනීම.

මෙම කඳවුර පිහිටුවීමේ වැදගත්කම බ්‍රිතාන්‍යයන්ට හොඳින්ම අවබෝධ උනේ පළමු ලෝක යුද සමයේ දී.මෙය එකළ හමුදා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම සිර කඳවුරක් ලෙසද භාවිතා උනා. දකුණු අප්‍රිකාවේ තිබ්බ දෙවන බෝයර් යුද්දෙදි අල්ල ගත්ත සිරකරුවන් 2500 කට සහ රැකවලුන් 1000 කට දියතලා කඳවුර වාසස්ථානය උනා.

මේ සිරකරුවන් සහ රැකවලුන් රැගෙන ආපු එක නැවක් තමයි HMS FOX කියන්නෙ. ඒක බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයිති එකක්.

නැවියන් තමන්ගේ පැමිණීම සිහිවෙන්න කන්දේ තිරිවාන ගල්වලින් නරියෙක් ගේ රූපයක් නිර්මාණය කළා.

ඉතින් ඒක FOX HILL උනා...!

නරියා කන්ද



Comments

Post a Comment