කෙස් ගහක් සහ ගමක්

අපේ ෆේස්බුක් පිටුවේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් ඉදිරිපත් කරන ඇතැම් කරුණුත් බ්ලොග් එකට එකතු කරන්න කරල ළමයි කීප දෙනෙක්ම ඉල්ලීම් කරල තිබුණා. ඒ ඒ වෙලාවට යමක් කියවන්න ෆේස්බුක් එක ප්‍රයෝජනවත් උනත් නිදහසේ සහ පිළිවෙලකට යමක් කියවන්න බ්ලොග් එක වඩා සුදුසු තැනක් නිසා ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් ඉදිරිපත් කරපු ඇතැම් කරුණුත් බ්ලොග් එකට එකතු කරන්නම් සංස්කරණයකින් තොරවම.

ප්‍රශ්නය

ක්‍රි.ව 1707 - 1739 අතර කාලයේ දී එනම් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ දී ආරම්භ වූවා යැයි සැලකෙන බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මුස්ලිම් ගම්මානයේ නම කුමක් ද ?

එම සිදුවීම හා සම්බන්ධ ඓතිහාසික කතා පුවත කුමක් ද ?

පිළිතුර - පඟරගම්මන

කතාව : 

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තරමක් සෙල්ලක්කාර පාලකයෙක් කියලනේ ප්‍රසිද්ධ. ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවුනේ සුරාව සූදුව හා කාන්තාවන් වෙනුවෙන් ලු....!

දවසක් රජතුමා මහවැලි ගඟේ දිය කෙළියට ගියා ලු..එතකොට ගඟ දිගේ පාවෙල ආවා ලු දිග රැලි ගැහුණු ලස්සන කෙස් ගහක්..!

ඒක දැකල රජතුමාගේ හඳුංපොත කීං ගාන්න පටං ගත්තා. ඉතිං අණ කළා කෙස් ගහේ හිමිකාරිය අන්ත:පුරේට අරං එන්න කියල. සමහර රජවරු එහෙමයි.

සෑහෙන උත්සාහයකින් පස්සේ රාජපුරුෂයෝ හොය ගත්ත ලු කෙස් ගහ අයිති මහවැලි ගඟ අසබඩ පදිංචි වෙලා හිටපු මුස්ලිම් තරුණියකට කියල.
ඉතිං අණ කළා මාලිගාවට එන්න !

ඒ උනාට ගිහිං කොහොමද..? මුස්ලිම් නේ....! අනික ඉතිං නරේන්ද්‍රසිංහ රජතුමාගෙ කැරැට්ටුවත් එච්චර හොඳ නැහැනෙ..!


කෙල්ල දීලත් බෑ..රජතුමා නිසා නොදිත් බෑ.

පස්සේ ගමේ කට්ටිය එකතු වෙලා එදා රෑම පිටත් වෙලා..ගොඩාක් දුර ඇවිත් අන්තිමේ දී මහියංගණය අසල පඟරගම්මන කියන තැන පදිංචි උනා ලු.

හැබැයි මෙතනදි කෙනෙකුට අහන්න පුළුවන්..ඉතිං උඩරට රාජධානි කාලේ මහියංගනෙත් රජතුමාට අයිති කොට සේනාවක් එවල කෙල්ලව ගන්න තිබ්බ නේ ද කියල.

ඒකත් සාධාරණ ප්‍රශ්නයක්..!

ඒත් මට හිතෙන්නේ එතකොට එන සමාජ අපවාදය ගැන හිතල රජතුමා ඒ තරුණිය ගැන තිබ්බ මතකය ගුලි කරල මහවැලියට දාන්න ඇති...!

Comments