ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ චන්ද්‍රග්‍රහණ අනාවැකිය

වර්තමාන පාසල් විෂය නිර්දේශයන්හි පුනරුදයට අදාලව තියන පාඩම් වලදී දේශගවේෂණ ව්‍යාපාර වගේම සුප්‍රකට දේශගවේෂකයන් ගැනත් ඉගෙන ගන්න වෙනව.

අද ලියන කතාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ඉගෙන ගන්න කරුණු ටික මතක තියාගැනීම සඳහා තව යමක් එකතු කරන්න.

ඉතිහාසයේ කිසියම් දෙයක් උනා කියල පොතක ලියල තිබ්බ පමණින් ඒක ඉතිහාසයක් වෙන්නේ නෑ.

දැන් ලියන්න බලාපොරොත්තු වෙන කතාව අපට කියන්නේ, ඒ කතාවේ වීරයෝ වෙච්ච කොලොම්බස්ලම තමයි. ඒ නිසා මේව සමහරවිට ඇත්ත වෙන්නත් පුලුවන්. සමහරවිට බොරු වෙන්නත් පුලුවන්.

කතාව මේකයි,

යුරෝපීය ජාතිකයෝ ලෝකය පුරා යටත් විජිත හදා ගන්න කාලෙට අයත් වෙන සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ගැන කතා ගොඩක් තියනවනේ..

හර්නැන්ඩෝ කෝටේස් මෙක්සිකෝවට යන කාලේ වෙච්ච සූර්යග්‍රහණය හා සම්බන්ධ කතාව, දෙවන රාජසිංහ රජතුමාගේ කාලේ පායපු වල්ගාතරුවේ කතාව ඒ අතරින් දෙකක් විතරයි. සොලමන් රජුගේ නිධානය පොතෙත් ඒ වගේ කතාවක් තියනව.

මේ කතාවල වැඩි හරියක තියෙන්නේ ඒ ඒ ප්‍රදේශවල ස්වදේශිකයෝ ඒව සම්බන්ධයෙන් හිටපු මිත්‍යාමය ස්ථාවරයන් සම්බන්ධ කරුණු.

ක්‍රිස්ටෝපර් කොලොම්බස් ගේ කතාවෙත් වැඩි වෙනසක් නෑ.

කොලොම්බස් ඇමරිකාව බලා ගියපු තමන්ගේ හතරවන සහ අවසාන සංචාරයේ එක් අවස්ථාවක, හරියටම කියනව නම් ක්‍රි.ව 1503 ජූනි මාසේ විසිවෙනිදා වර්තමාන ජැමෙයිකාවට ගොඩ බහිනව.

සැපයුම් එහෙම ලබාගෙන ඉක්මනින් යන්න බලාපොරොත්තුවෙන් හිටියත් නැව්වල බඳ ප්‍රදේශයට හානි කළ හැකි මුහුදු කූඩැල්ලන් විශේෂයක් නිසා ගමන ප්‍රමාද කරන්න කොලොම්බස්ට සිදු වෙනව.

දේශ ගවේෂණ යුගයේ දී භාවිතා කළ නැවක්

ගමන ප්‍රමාද කළාට පස්සේ එන ප්‍රධානම ගැටලුව තමයි නොදන්න රටක ජීවත් වෙන ගමන් අවශ්‍ය ආහාර පාන හොයා ගන්න එක. ඒ වගේ වෙලාවක ස්වදේශිකයන්ගේ උදව් ලබා ගන්න එක තමයි වඩාත් පහසු.

ඒ අනුව කල කොලොම්බස්ගේ ඉල්ලීමට ස්වදේශික ජැමෙයිකානුවන් මුලදී යහපත් ප්‍රතිචාර දැක්වුවත් ටිකක් කල් යද්දි ඔවුන්ට තේරෙනව මේ ස්පාඥ්ඥකාරයෝ එච්චර යහපත් මිනිස්සු නෙවෙයි කියල.

කොලොම්බස්ල තමන් ළඟ තියන නොවටිනා දේවල් ජැමෙයිකානුවන් එක්ක හුවමාරු කර ගත්ත විතරක් නෙවෙයි ටිකක් කල් යද්දි හොරකම් කරන්නත් පටන් ගත්තලු. ස්ත්‍රී දූෂණ මිනීමැරීම් වගේ දේවලුත් සිද්ද උනාලු.

කොහොමත් ඉතිං යටත් විජිත ගැන කතා කරද්දි ස්පාඥ්ඥකාරයන්ගේ කැරැට්ටුව අනිත් අයට සාපේක්ෂව ටිකක් පහලින් නේ තියෙන්නෙ...!

මේ තත්ත්වයෙන් ගොඩ එන්න උපායක් කල්පනා කරද්දි කොලොම්බස්ට මතක් උනාලු ජොනාස් මුලර් කියන තාරකා විද්‍යාඥයා විසින් සම්පාදනය කරපු ලිත් කීපයක් තමන් ලග තිබ්බ බව.

මේ ලිත් වල මුලර් සඳහන් කරල තිබ්බලු 1503 වසරේ සිද්ද වෙන්න පුලුවන් චන්ද්‍රග්‍රහණයක් ගැන. හැබැයි මේ ලිත් වල තිබිලා තියෙන්නේ මේ චන්ද්‍රග්‍රහණය ජර්මනියට දර්ශනය වෙන ආකාරය සහ දින වකවානු පිලිබඳව ලු. කොලොම්බස්ගේ ගණිත දැනුමත් හොඳ තත්ත්වෙක තිබ්බ නිසා ඔහුට පුලුවන් උනාලු ඒ චන්ද්‍රග්‍රහණය ඇමරිකානු කලාපයට දර්ශනය වෙන කාලය පිලිබඳව අදහසක් ලබා ගන්න.

මේ කාරණේ හිතේ තියාගෙන ජැමෙයිකානුවන් හම්බ වෙන්න ගිය කොලොම්බස් අවශ්‍ය සැපයුම් නිසියාකාරව තමන්ට ලබා නොදීම නිසා තමන් අදහන දෙවියන් ජැමෙයිකානුවන් සමග දැඩි කෝපයෙන් සිටින බව කිව්වලු.. ! ඒ කෝපය නිසා එදා රාත්‍රියේ පටන් ජැමෙයිකානුවන්ට හඳ ලබා නොදෙන්න දෙවියන් තීරණය කරල තියන බවත් කිව්ව ලු...!

හරියටම වෙලාවට කොලොම්බස් බලාපොරොත්තු වෙච්ච විදිහට චන්ද්‍රග්‍රහණයත් සිද්ද උනා ලු..!

' මෙය දැකීමත් සමග කලබලයටත් භීතියටත් පත් ස්වදේශිකයෝ අවශ්‍ය බඩු බාහිරාදිය ද රැගෙන විලාප දෙමින් නැව් කරා පැමිණියහ.දෙවියන්ගේ කෝපය තමන් මත පැටවෙන්නට ඉඩ නොදී තමන් බේරා ගැනීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස සහභාගී වන ලෙස අද්මිරාල් කොලොම්බස් ගෙන් ඉල්ලා සිටි ඔවුහු අඛණ්ඩව සැපයුම් ලබා දෙන බවට ද පොරොන්දු වූහ. '

මේ කතාව මෙහෙම ලියල තියෙන්නේ මේ සංචාරයට එකතු වෙච්ච කොලොම්බස්ගෙම පුත්‍රයා.

මේ ඉල්ලීමට ඇහුම්කන් දීපු කොලොම්බස් තමන්ගේ කාමරයට ගිහින් චන්ද්‍රග්‍රහණය අවසන් වෙන වෙලාවට ඔන්න මෙන්න තියල ඇවිල්ල,

දෙවියන් ජැමෙයිකානුවන් ගේ ඉල්ලීම පිළිගෙන ඔවුන්ට සමාව දෙන්න එකඟ වෙච්ච බවත්, ඒ අනුව හඳ නැවත ලබා දෙන්න තීරණය කල බවත් කියා හිටිය ලු...!

ජැමෙයිකානුවන්

Comments