පතාවුදියේ කුමාරයා

Nawab of Pataudi එහෙමත් නැත්නම් පතාවුදියේ කුමාරයා කියන්නෙ තනතුරු නාමයක්.

ක්‍රි.ව 1290 - 1320 අතර කාලේ උතුරු ඉන්දියාවෙ බලවත් වෙච්ච ඛල්ජි රාජවංශයෙ ජලාල් උද්දින් ඛල්ජිගෙ කාලෙදි " පතා " නමින් හඳුන්වපු "මේවාති" ජන ප්‍රධානියෙක්ගෙ නමින් තමයි මේ කුඩා රාජධානියෙ නම හැදිල තියෙන්නෙ.
පතාවුදිය බ්‍රිතාන්‍ය කිරීටයට යටත් Princely State එකක් එහෙමත් නැත්නම් කුමාරවර රාජධානියක් බවට පත් වෙන්නෙ ක්‍රි.ව 1804 දි.
පතාවුදියෙ පලමු නවාබ්වරයා වෙන්නෙ ක්‍රි.ව 1803 - 1805 අතර කාලෙ ඉංග්‍රීසි පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමයි මරාථ පාලකයොයි අතර ඇති වෙච්ච යුද්ධ වලදි ඉංග්‍රීසීන්ට හොඳ සහයෝගයක් ලබාදීපු මුහම්මද් ෆායිස් අලි තලාබ් ඛාන් සිද්දික්. එහෙම බැලුවොත් පතාවුදිය කියන්නෙ යුද ත්‍යාගයක්. ගම්මාන හතළිහකින් සමන්විත කුඩා රාජධානියක්.
මුහම්මද් ෆායිස් අලි තලාබ් ඛාන් සිද්දික්ලගෙ පරම්පරාවෙ අය ඉන්දියාවට ඇවිත් තියෙන්නෙ ක්‍රි.ව 1451 - 1526 කාලෙ ඉන්දියාවෙ බලවත් වෙච්ච ලෝදි රජවරුන්ගෙ කාලෙදි කියල තමයි කියන්නෙ.
පතාවුදියෙ අටවෙනි නවාබ්වරය වෙන්නෙ ඉෆ්තිකාර් අලී ඛාන්. මුලින්ම එංගලන්තෙ ක්‍රිකට් ටීම් එකට සෙල්ලම් කරල පස්සෙ ඉන්දියාවෙ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් උනා. හෘදයාබාධයක් හැදිල අවුරුදු 41 දි මැරුණ.

ඉෆ්තිකාර් අලී ඛාන්

ටයිගර් පතාවුදි කියන අන්වර්ථ නමින් හඳුන්වපු එයාගෙ පුතා මන්සූර් අලී ඛාන් වයස අවුරුදු 21 දි ඉන්දියාවෙ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් උනා. 1952 ඉඳල 1971 දක්වාම පතාවුදියේ නවාබ්වරයා කියන තනතුරු නාමය දැරුවෙත් එයාම තමයි.

මන්සූර් අලී ඛාන්

1971 දි ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වල දීපු 26 වෙනි සංශෝධනයෙන් පස්සෙ පාරම්පරික තනතුරු නාම සහ වරප්‍රසාද අහෝසි කරල දැම්ම. ඊට පස්සෙ ඒක හුදෙක්ම නාම මාත්‍රික තනතුරක් බවට පත් උනා.
ටයිගර් පතාවුදි කසාද බැන්දෙ හින්දි සිනමාවෙ ගිනි සිළුවක් වෙච්ච ශර්මිලා තාගෝර්ව.

ශර්මිලා තාගෝර්

එයාල දෙන්නගෙ එකම පුතා තමයි ඔය පහල තියන පින්තූරෙ ඉන්නෙ..! එයා ගැන නම් ඉතිං හැමෝම දන්නව නෙ..!



මේ ඊලඟ පින්තූරෙ තියෙන්නෙ එයාගෙ මාළිගාව.

පතාවුදි මාළිගය



Comments