ප්‍රී ෂූට් වලව්ව හෙවත් බදුල්ලේ රත්වත්ත වලව්ව

ප්‍රී ෂූට් වලව්ව හෙවත් බදුල්ලේ රත්වත්ත වලව්ව

උඩරට රාජධානිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය ගැන හදාරන කෙනෙකුට රත්වත්ත පවුල් ගහ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ ගැන සම්පූර්ණ විස්තරේ මෙතන දිග අරින්න ගියොත් ඒක මාගලක් වෙනව.

සරලව මෙහෙමයි.
රත්වත්තේ පරම්පරාවේ මුල්ගම මාතලේ. උඩරට ගිවිසුමට අත්සන් කරපු සහ 1825 දි දෙවන අදිකාරම් තනතුරට පත්වෙච්ච විජවර්ධන සෙනෙවිරත් පණ්ඩිත වාහල මුදියන්සේලාගේ රත්වත්තේගෙන් තමයි කතාව පටන් ගන්නෙ.
එයාගෙ එක පුතෙක් තමයි තල්ගහගොඩ ලෙවුකේ ලොකු කුමාරිහාමිව කසාද බැඳපු අබේරත්න බණ්ඩා රත්වත්තේ. ඒ විවාහයෙන් ඉපදිච්ච විල්ෆ්‍රඩ් රත්වත්තේ කසාද බැන්දෙ උඩරට සිංහලයන් නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට මුලින්ම පත් වෙච්ච ටී.බී පානබොක්කෙගෙ දුව.
ඒ විවාහයෙන් ඉපදිච්ච කණිෂ්ට විල්ෆ්‍රඩ් රත්වත්තේ කසාද බඳින්නෙ බදුල්ලෙ සමරකෝන් පවුලෙ හේමාවතී සමරකෝන්ව. වෘත්තියෙන් නීතීඥවරයෙක් වෙච්ච ඒ.සී.එල් සමරකෝන් තමයි එතුමියගෙ පියා. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් කියන්නෙ එතුමගෙ පුතෙක්.
ඒ.සී.එල් සමරකෝන් මියයනකොට නෙවිල් ඇතුලු එයාගෙ අනිත් ළමයි පොඩි නිසා විල්ෆ්‍රඩ් රත්වත්තෙට බදුල්ලට ඇවිත් පදිංචි වෙන්න සිද්ද වෙනව.
මේ වලව්ව නිර්මාණය කළේ ඒ.සී.එල් සමරකෝන්. ඒ නම තමයි ගේට්ටුවෙ ගහල තියෙන්නෙ.
1966 - 1968 කාලෙ බදුල්ලෙ නගරාධිපති හැටියට කටයුතු කරපු මිල්රෝයි රත්වත්ත මහතා තමයි වලව්වෙ වර්තමාන අයිතිකාරය.

රත්වත්ත වලව්ව

ඒ වලව්ව ගැන අපි කරපු යූ ටියුබ් වැඩසටහන බලන්න කැමති නම් මේ ලින්ක් එක ක්ලික් කරන්න..!


Comments