වන්නකු තිසාහාමිගේ සොහොන

වනගත ශ්‍රී ලංකාව පිළිබඳ අනුස්මරණීය සටහන් තැබූ වෛද්‍ය රිචඩ් ලයනල් ස්පිට්ල් මහතාට වනාන්තරය සහ ඒ හා බැඳුණු ජන ජීවිතය පිළිබඳව ගුරු හරුකම් ලබාදුන් වන්නකු තිසාහාමි නම් අපූර්ව මිනිසාගේ සොහොන පහත ඡායාරූපයේ දක්වා ඇත.


වන්නකු තිසාහාමි කියන්නෙ මිනීමැරුම් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු සහිතව ජීවත් වෙච්ච මිනිහෙක්. අවුරුදු දාසයක් යනකං නීතියෙං කට්ටි පනිමින් හිටපු මිනිහෙක්. හැබැයි අන්තිමේදි බදුල්ල පොලීසියට භාර වෙනව. නඩුව අහන්නෙත් බදුල්ල උසාවියෙදි.

අවුරුදු 72 ක් ජීවත් වෙලා 1953 අවුරුද්දෙ දවසක මිය යන්නෙත් බදුල්ල මහ ඉස්පිරිතාලෙදිම තමයි.
ජීවිතයෙන් වැඩි කාලයක් තමන්ගේ ගමන් සගයා, එහෙමත් නැත්නම් වනගත දඩබ්බරයා සහ මිත්‍රයා සිහිපත් වෙන්න ආර්.එල් ස්පිට්ල් මහතා විසින් වර්තමාන බදුල්ල පොදු සුසාන භූමියෙ සොහොන් ගලක් හදවනව.

වන්නකු තිසාහාමිගේ සහ බදුල්ලෙ තවත් සොහොන් කොත් කීපයක් ගැන අපි කරපු යූ ටියුබ් වැඩසහන බලන්න කැමති නම් මෙතන ක්ලික් කරන්න..!

Comments