අළුගොල්ල කඳු මුදුනේ බුද්ධ ප්‍රතිමාව

හඟුරන්කෙතින් පිටත්වූ සෙනරත් රජු සහ සටනේ ප්‍රධාන අණදෙන නිලධාරියා වූ මහා අස්ථාන කුමරු ඇතුළු අනෙකුත් කුමාරවරුන් වේගයෙන් ගමන්කොට පරණගම සහ මානෑව ඔස්සේ තුප්පිටියට පැමිණි අතර එහි සිට කන්දෙගෙදර හරහා අළුගොල්ල කඳු මුදුන වෙත පැමිණියහ. තුන්වැනි දවසේ උදය කාලයේ සිංහලයන්ගේ තුවක්කුවල හඬ පෘතුගීසීන්ට ඇසුණු අතර ඉන් මඳ වේලාවකට පසුව සිංහල ධජ පතාක අළුගොල්ලේ මෙන්ම අවට කඳු මුදුන්වල ළෙලදෙන ආකාරය ද දක්නට ලැබුණි. තමන් සතුව එතෙක් ඉතිරිව තිබූ සියලු දේ මෙන්ම බදුල්ල නගරයෙන් කොල්ල කා ගත් සියල්ල ද එක් රැස් කොට ඊට ගිනි තැබූ කපිතාන් කොන්ස්තන්තිනූ ද සා ප්‍රමුඛ පෘතුගීසි සේනාවෝ ලහි ලහියේ පසුබැසීමට සූදානම් වූහ. "

Paul E. Peiris, Ceylon the Portuguese Era, Volume 2

1630 ඇති වෙච්ච රන්දෙණිවල සටන කියන්නෙ බොහොම ප්‍රසිද්ධ ඉතිහාස කතාවක්. ඒ සටන ඇති වෙන්න කලින් පෘතුගීසි සේනාංක බදුල්ලට එනව. නගරය ගිනි තියනව..අන්න ඒ අවස්ථාවෙදි උඩරට රජතුමා ප්‍රමුඛ සේනාව ඇවිල්ල බදුල්ල අලුගොල්ල කඳු මුදුනෙ ඉඳගෙන ඒ සිදුවීම බලාගෙන ඉන්නව..!

ප.ලි
එකී අළුගොල්ල කඳු මුඳුන මත ඉදිවෙමින් පවතින සුවිසල් බුද්ධ ඡායාරූපයක් පහත දැක්වේ.


Comments