පිය නිවස හෙවත් කොතලාවල වලව්ව

1847 ඉපදිච්ච දෝන් කරෝලිස් කොතලාවල දියුණුව හොයාගෙන බදුල්ලට එනව. ගොං කරත්ත හරහා කරපු වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය තමයි මිනිහගෙ ප්‍රධානතම ආදායම් මාර්ගය. ඒක සොර සතුරු කරදර බහුල කාලයක්. දොන් කරෝලිස් කියන්නෙ තරමක චණ්ඩියෙක්. ඒ කාලෙ හැටියට ගොඩ එන්න නං ඒ ජාතියෙ හැසිරීමක් තියා ගන්නම වෙනව. ටික කාලයක් යද්දි ආදායම සරු වෙනව. සල්ලි හොයාගෙන බදුල්ලට ආපු කරෝලිස් තල්දෙන වලව්වෙ සුදු මැණිකේ තල්දෙන විජේකෝන් කුමාරිහාමිව කසාද බැඳල බදුල්ලෙම පදිංචි වෙනව.

බදුල්ල පස්සර පාරෙ යනකොට ඩිපෝව ඉස්සරහ ගරා වැටිච්ච ගෙයක් තියනව නේ ද..? අමතකයි වගේ නම් පහල තියන පින්තූර බලන්න. ඒක තමයි කරෝලිස්ගෙ ගෙදර. ක්‍රි.ව 1907 දි ආර්නෝල්ඩ් රයිට් විසින් සම්පාදිත Twentieth century impressions of Ceylon : its history, people, commerce, industries, and resources කෘතියට අනුව "පිය නිවස" නමින් තමයි මේ ගෙදර හඳුන්වල තියෙන්නෙ.

වර්තමාන තත්ත්වය

පැරණි නිවස

2002 නොවැම්බර් 22 දින දරණ 1264 ගැසට් පත්‍රයට අනුව මේ නිවස පුරා විද්‍යාත්මක උරුමයක් හැටියට නම් කරල තියනව. ඒත් දැං ඔහේ දිරල යනව. මේ නිවස ගැන අපි කරපු යූ ටියුබ් වැඩසටහන බලන්න කැමති නම් මෙතන ක්ලික් කරන්න.

දොන් කරෝලිස් කොතලාවලගෙ පුත්‍රයා වෙච්ච හෙන් රි කොතලාවලගෙ සොහොන ගැන කරපු යූ ටියුබ් වැඩසටහන බලන්න කැමති නම් මෙතන ක්ලික් කරන්න.

Comments