නයිකට පීල්ල හෙවත් පීල්ලකඩේ

බදුලු නගරය තුළ ස්නානය සඳහා භාවිත කරනු ලබන පොදු ස්ථානයන් කිහිපයක්ම ඇත. ඒ අතරින් කුමාරසිංහ කුමරුගේ මාළිගය පිහිටා තිබූ ස්ථානයට තරමක් පසුපසින් පිහිටා ඇති " නයි කටපීල්ල " නම් ස්ථානයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

එක් කලෙක එතැනින් නයෙක් මතුවීලු....!
ප.ලි
වර්තමාන පීල්ලකඩේ නමින් හඳුන්වනු ලබන ප්‍රදේශයේ පිහිටා ඇති එම " නයිකට පීල්ල " ඇතැම් මූලාශ්‍රයන්හී " නයි කඳ පීල්ල " නමින් ද හඳුන්වා ඇත.

1819 වසරේදී බදුල්ලට පැමිණි මේජර් ජෝන් ඩේවි පවා මේ ස්ථානය පිළිබඳ සටහන් තබා ඇත.
එමර්සන් ටෙනන්ට්ගේ වාර්තාවන්ට අනුව ඉතා පිරිසිදු ජලය මෙමඟින් ලබාගත හැකිවූ බැවින් පානය කිරීම සඳහා උවද සුදුසුයැයි දක්වා ඇත. නමුත් ඌව දනවුව නම් කෘතියට ලිපියක් සම්පාදනය කරමින් සිරි පියරතන හිමියන් දක්වා ඇත්තේ මෙහි ජලය ඇලෙන සුලු බැවින් බීමට අයෝග්‍ය බවයි.



නයිකට පීල්ල සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද යූටියුබ් වැඩසටහන නැරඹීම සඳහා මෙතන ඔබන්න..!

Comments