එයාල ඔක්කොම නෑයො..!

වික්ටෝරියා මහා රාජිණීන් වහන්සේට ළමයි නමයයි.

වික්ටෝරියාගෙ වැඩිමල් පුතා හත්වෙනි එඩ්වර්ඩ්...හත්වෙනි එඩ්වර්ඩ්ගෙ පුතා පස්වෙනි ජෝර්ජ්..පස්වෙනි ජෝර්ජ්ගෙ දෙවනි පුතා ( අටවෙනි එඩ්වර්ඩ් ලොකු පුතා..එයා තමයි අර ගෑණු පරාණයක් නිසා රජකම අත ඇරිය..! ) හයවෙනි ජෝර්ජ්..හයවෙනි ජෝර්ජ්ගෙ ලොකු දුව " එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්ඩ්සර් "

වික්ටෝරියා රැජිණගෙ දෙවනි දුව ඇලිස් කුමාරිකාව ජර්මනියෙ හෙස සහ රයින් ආදිපාද වසමෙ ලුවී කුමාරයට කසාද බන්දල දුන්න. දරුවො හතක් හදපු ඒ කුමාරිකාව අවුරුදු තිස් පහේදි මැරුණ. එයාගෙ ලොකුම දුවගෙ නමත් වික්ටෝරියා. ඒ කුමාරිකාව බැටන්බර්ග්හී ලුවී කුමාරයට කසාද බන්දල දුන්න. මේ කසාදෙන් ළමයි හතරයි. ඒ අතරින් මුල්ම කුමාරිකාවගෙ නමත් ඇලිස්..! එයා තමයි එඩින්බරෝ ආදිපාද පිලිප් කුමාරයගෙ අම්ම..!

එලිසබෙත් රැජන සහ පිලිප් කුමරු

Comments

Post a Comment