අප්පුහාමිලාගේ කෙබර ගැට

පහත පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ ක්‍රි.ව 1908 දී ආරුක්කු සහිතව නිර්මාණය කරන ලද දුම්රිය ගැටයකි. එය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේය. දෙවන ඡායාරූපයේ දැක්වෙන්නේ ක්‍රි.ව 1880 දශකයට අයත් ඉන්දියාවේ ඩාර්ජිලිං හි පිහිටා ඇති රේල් ගැටයකි.

ස්විට්සර්ලන්ත රේල් ගැටය

ඩාජිලිං රේල් ගැටය
දෙමෝදර ආරුක්කු නවයේ පාළම සහ රේල් ගැටය කරවන ලද්දේ ක්‍රි.ව 1921 දීය. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ සැලසුම් ඉංජිනේරුවන්ට මිස වෙනත් කිසිවෙකුට නොවේ. ඔබට අසන්නට ලැබෙන අප්පුහාමි නම් ගැමියා යනු මෙම රේල් පාර ඉදිකිරීම සම්බන්ධයෙන් කම්කරුවන් සපයන ලද කොන්ත්‍රාත්කරුවෙක් පමණි. ගම් වැසියෙකුගේ හිස බැඳි ජටාව ඇසුරින් මෙම අදහස පහල වූ බවට ඇති කතාවද සම්පූර්ණ අසත්‍යයකි.
භාෂාව නොදන්නා මිනිසෙකුට කවියෙකු විය නොහැක. එඬේර හෝ කොන්ත්‍රාත් අප්පුහාමිලාට ඉංජිනේරුවන් වීමටද නොහැක. මිත්‍යාව වපුරන ඉන්ටර්නෙට් අප්පුහාමිලාට නොරැවටී සිටීමට ප්‍රවේසම් වන්න.

Comments