Rest house & Fountain

මේ පහල තියෙන්නෙ මම කාලයක් තිස්සෙ හොයමින් හිටපු පින්තූර දෙකක්. වර්ෂය මොකක් ද කියල නම් දන්නෙ නැහැ.


පළමු ඡායාරූපයේ දැක්වෙන ස්ථානය බොහෝවිට බදුල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති පැරණි තානායම විය යුතුයි.
දෙවන ඡායාරූපයේ දැක්වෙන අන්දමේ වතුර මලක් ගැන ක්‍රි.ව 1893 දි හර්බට් වයිට් ස්වකීය Manual of the Province of Uva කෘතියේ තොරතුරු සඳහන් කරනව. එතුමා විසින් සඳහන් කරන අන්දමට තානායම පසුකරගෙන දිසාපතිවරයාගේ නිල නිවස හරහා වැටී ඇති ප්‍රධාන මාර්ගයෙ මැද තමයි ඒ වතුර මල පිහිටල තිබ්බෙ. පසුකාලීන ව සිදු වෙච්ච නගර සංවර්ධන කටයුතුවලදි මේ වතුර මල මෙම ස්ථානයෙන් ඉවත් කරල බදුල්ල උද්භිද උද්‍යානයේ එහෙමත් නැත්නම් වවුල් පාක් එකේ ප්‍රතිස්ථාපනය කරවනව. ඔය පහල තියෙන්නෙ ඒකෙ ඡායාරූපයක්.

Comments